චීනයේ හුබෙයි පලාතේ වුහාන් නගරය කේන්ද්‍ර කොට ගෙන පැතිර ගිය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාව මුල් වරට දැනුවත් කල මාධ්‍යවේදීන් දෙදනාගෙන් එක් අයෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වනවා.

සමාජ මාධ්‍ය යොදාගනිමින් චෙන් කියුෂි සහ පැග් බින් යන දෙදෙනා විසින් මෙම වෛරසය පිලිබඳව මුල් වරට ජනතාව දැනුවත් කලා.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ චෙන් කියුෂි වන අතර ,ඔවු දෙදෙනා විසින් මෙම වෛරසය පිලිබඳව තොරතුරු විදෙස් මාධ්‍යයන්ට ද ලබා දුන් බවට බලධාරීන් විසින් චෝදනා කර තිබුනා.