COLOMBO, SRI LANKA- NOVEMBER 12: United National Party (UNP) deputy leader Sajith Premadasa leaves court after filing a petition against the President Maithripala Sirisena's dissolve of the parliament on November 12, 2018 in Colombo, Sri Lanka. Sacked Prime Minister Ranil Wickremesinghe's United National Party (UNP), Election Commission and political parties have been filed ten Fundamental Right petitions in the Supreme Court challenging the dissolution of Parliament. Sri Lankan President Maithripala Sirisena has moved to dissolve parliament and schedule a snap election on January 5, 2019, nearly two years ahead of schedule. (Photo by Buddhika Weerasinghe/Getty Images)

අද (10) පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ‌ගෙන ඇති බවත්, රැස්වීම අතරමැදදී විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම රැස්වීමෙන් ඉවත්ව ‌ගොස් ඇති බවත් දැනගන්නට ඇත.

මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ වී ඇති අතර ඊට ඉකුත් වතාවේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජානය කළ සජිත් ‌ප්‍රේමදාස මහතා ඇතුළු එම කණ්ඩායමද සහභාගී වීමට පියවර ‌ගෙන තිබිණ.

ඒ අනුව නව සන්ධානයක් සෑදීම සහ හි මහලේකම් ධූරයට රංජිත් මද්දුමබණ්ඩාර මහතා පත් කිරීම ගැටලුවක් ‌නොවන බව ප්‍රකාශ ‌කොට ඇති වික්‍රමසිංහ මහතා එසේ වුවත් අලියා ලකුණ එම සන්ධානයේ සලකුණ විය යුතු බවද ප්‍රකාශ ‌කොට තිබේ.

එහිදී වික්‍රමසිංහ මහතාට පක්ෂ පිරිස්ද එම මතය දරමින් අදහස් ප්‍රකාශ ‌කොට ඇත.

නමුත් ‌මෙහිදී සජිත් ‌ප්‍රේමදාස මහතා දීර්ඝ කතාවක් කරමින් ‌පෙන්වා දී ඇත්තේ කාටත් වඩා තමන්ට අලියා ලකුණ වටිනා බවත්, තම පියාණන් මියගියේද අලියා ලකුණ යටතේ පැවති පක්ෂය යටතේ බවත්ය. නමුත් ‌දේශපාලන පක්ෂ රැසක් එක්ව බිහිකරන නව සන්ධානයේ ලකුණ ‌අලුත් ලකුණක් විය ‌යුතු බවත්, සියලු ‌දෙනාම එකග විය හැකි නව ලකුණක් ඊට ‌යොදා ගත යුතු බවත් ‌ප්‍රේමදාස මහතා ‌පෙන්වා දීී තිබේ.

නමුත් ඊට විරෝධය පළකරමින් වික්‍රමසිංහ පාර්ශ්වය දිගින් දිගටම කරුණු දැක්වීමට යාමත් සමග රැස්වීම අතරමගදී ‌‌ප්‍රේමදාස මහතා ඇතුලු එම කණ්ඩායම රැස්වීමෙන් ඉවත් වීමට කටයුතු ‌කොට ඇත.

එහිදී ‌ප්‍රේමදාස මහතා ප්‍රකාශ ‌කොට ඇත්තේ එසේ නම් අලියා ලකුණින් තරග කිරීමට පියවර ගන්නා ‌ලෙසත්, තමන් ආරම්භ කළ ගමන ඉදිරියට යාමට කටයුතු කරන බවත්ය.

උපුටා ගැනීමකි