හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් පසුගිය ආණ්ඩුව සමයේදී සතොසට අදාළව සිදුකළ බව කියන රුපියල් කෝටි ගණනකආන්දෝලනාත්මක ගණුදෙනු ඇතුලත් ලිපිගොනු තොගයක් කොළඹ පිහිටි නිවසක සඟවා තිබියදී සොයා ගැනීමට අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.

එම නිවසේ තිබී ලිපිගොනු 60 කට අධික සංඛ්‍යාවක් සඟවා තබා ඇත.

2016-2017 යන වර්ෂයන් හිදී සතොස සඳහා ගෙන්වූ සහල් සම්බන්ධයෙන් වන ගණුදෙණු වලට අදාළ ලිපි ගොනුද ඇතුලත් වනබවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

විවිධ පුද්ගලයින්ගේ නම් භාවිත කර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශයන් ගෙන් මිලදී ගෙන ඇති ඉඩම් හා දේපළ සම්බන්ධ වන ලිපිගොනුද මේ අතර වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කිලෝවොට් 200ක ධාරිතාවයෙන් ජෙනරේටර් මිලට ගන්නා බවට හුවා දක්වමින් කිලෝවොට් 150ක ධාරිතාවයෙන් යුත්ජෙනරේටර් මිලට ගැනීමේ ගණුදෙනුවක් සම්බන්ධයෙන් වන ලිපි ගොනුවක්ද ඒ අතර වන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරසිටියේ.

මෙම ලිපි ගොනු මගින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සිදුකළ බව කියන රුපියල් කෝටි ගණනක වත්කම් ඉපයීම් සහ දුෂණසම්බන්ධයෙන් වන තොරතුරු හෙළිදරව් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන ආරම්භ කරඇත.