වයස අවුරුදු 19න් පහල යොවුන් ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට බංගලාදේශය මීට ටික වෙලාවකට පෙර සමත්වුනා.

ඒ ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ප්‍රබල ඉන්දියාව කඩුලු තුනකින් පරාජයට පත් කරමින්.

මෙම ජයග්‍රහණය බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය සටහනක් තබනුයේ ,මීට පෙර ඔවුන් ICC යේ කිසිම තරඟාවලියක අවසන් මහා තරඟයකට හෝ සුදුසුකම් නොලැබූ නිසාවෙනි.

එමෙන්ම මෙම ජයග්‍රහණය පිලිබඳව ශ්‍රී ලංකාවටද ආඩම්බර් විය හැකි කරුණක් තිබේ.

ඒ බංගලාදේශ අවුරුදු 19 න් පහල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ශ්‍රී ලාංකිකයෙකු වීම නිසාවෙනි.ඔහු කලක් ජාතික කණ්ඩායම නියෝජනය කල නවීඩ් නවාස්‍ ය.