දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන හත්දෙනකුට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගන්නා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ආරාධනා කර ඇත.

රාජිත සේනාරත්න, චම්පික රණවක, අර්ජුන රණතුංග, කරුණාරත්න පරණවිතාන, සමන් රත්නප්‍රිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම ආරාධනාව සිදුකර ඇති බව වාර්තා වෙයි. එහෙත් මෙම කණ්ඩායමේ සිටින කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු අමාත්‍යවරයකුට පක්ෂ සාමාජිකත්වය ලබා​ නොදෙන ලෙස පක්ෂයේ ප්‍රබලයන් නායකත්වයට යෝජනා කර ඇත.

2015 පැවති මහ මැතිවරණයේදී මෙම මන්ත්‍රීවරුන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ. මෙම යෝජනාව පිළිබඳව මෙම මන්ත්‍රීවරුන් අවසන් තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වෙයි.