2020 නව වසරේ මුල් දින 15 ඇතුලත පමණක් ස්ත්‍රී දූෂණ සිදුවීම් 142 ක් ,එමෙන්ම බරපතල ලිංගික හිංසන 42ක් සහ ළමා අපචාර 54 ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.

මෙම ඇතැම් හිංසනයන්ට ප්‍රධානතම හේතුවක් වන්නේද යොවුන් වියේ දරුවන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීමයි.

පසුගිය කාලයේදී ඔවුන්ට පාසල් විෂය නිර්දේශයට අදාළව මේ පිලිබඳව වෙනම ග්‍රන්ථයක් පවා ලබා දුන් අතර , පූජ්‍ය මැදගොඩ අභයතිස්ස වැනි ස්වාමීන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් සහ විරෝධයෙන් එයද අතරමඟ නතරකරනු ලැබූවා.