සංචාරක නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති අවසන් පන්දුවාර විස්ස තරඟයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.ඒ මීට ටික වෙලාවකට පෙර පල්ලෙකැලේ පිටියේදී පැවති අවසන් තරඟය ලකුණු 37 කින් ජයගනිමින්.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව අදත් සුපුරුදු ලෙස පන්දුවට පහරදීමට තීරණය කලා.නමුත් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල හැරුනු විට සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට නවසීලන්තය ඉඩ ලබා දුන්නේ නැහැ.යම් තරම්කට හෝ සාර්ථක වූයේ ඔවුන් දෙදෙනා හැරුනු කොට ලහිරු මධුෂංක පමණයි.

පන්දුවාර 20 අවසානයේදී ලකුණු 125ක් ලබා ගත් ශ්‍රී ලංන්කා පිලේ ලකුනු හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්තයේ පරාජය ලියා දෙන්නට ,තුන් වෙනි පන්දු වාරයේ සිට මාලි ට හැකියාව ලැබුනා.එක පිට පන්දු 4 කදී පිට පිට කඩුලු 4ක් දවා ගත් ලසිත් මාලිංගට අගනා සහායක් ලබා දුන් අකිල ධනංජයද කඩුලු 2ක් ලබා ගත්තා.මාලි ලබා ගත් මුලු කඩුලු ගණන 5ක් වූ අතර පිට පිට කඩුලු 4ක් දවාගනිමින් මීට පෙර ලෝක කුසලානයේදී ද (2004) දකුණු අප්‍රිකාවට එරෙහිව ඔහු මෙම දස්කම දැක්වූවා.

කෙසේ වෙතත් ටිම් සවුති අවසන් කඩුල්ලේ සිටිමින් ජයග්‍රහණය කරා කණ්ඩායම රැගෙන ගිය අතර ලක්ෂන් සඳකැන් අවසන් කඩුල්ල දවගනිමින් නවසීලන්තයේ ලකුණ් පුවරුව ලකුණු 88 කට සීමා කලා.තරඟයේ වීරයා ලෙස ලසිත් මලිංග පිදුම් ලැබූ අතර තරඟාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූවේ නවසීලන්ත නායක ටිම් සවුතියි.

ඔහුගේ දක්ෂතාවය නිසා කඩුලු 104 බිඳ හෙලමින් පන්දුවාර 20-20 තරඟවල වැඩිම කඩුලු ලාභියා අතර පෙරමුණට පැමිනීමට මාලි ට හැකියාව ලැබුනා.

තරඟයේ ලකුණු පුවරුව පහතින්

Leave a Reply

  Subscribe  
Notify of