50 දශකයේදී බණ්ඩාරනායක මහතා විසින් එවකට පැවති ක්‍රමවේදය වෙනසකට ලක් කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම නතර කිරීම නිසා මෙරට දරුවන්ට ඉංග්‍රීසි බස නුහුරු බසක් වූ බව හෝමාගම එජාප ප්‍රධාන සංවිධායක එරන්ද වැලිඅංගේ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එම තීරණය නිසා ගමෙන් නගරයට පැමිණෙන සිසුන් මෙන්ම රැකියාවලට යාමේදීද ඇතැම් සිසුන් කොන්වන බවයි.එම නිසා ඉංග්‍රීසි භාෂාවෙන් දරුවන්ට උගන්වා ඔවුන්ව ජාත්‍යන්තරය ජයගත යුතු මට්ටමකට රැගෙන යා යුතු බවත් ,එයට සමගාමීව සිංහල බසද අනිවාර්‍ය කල යුතු බවත් ඔහු පවසා සිටිනවා.

ඔහු ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාව සිටි අවධියේදී රටපුරා පිරිවෙන් භික්ෂූන් වහන්සේලාට නොමිලේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කර තිබුනා.