ජපාන රජය විසින් එරටට අයත් විශාල ප්‍රමාණයේ මගී නෞකාවක් වන ‘ඩයමන්ඩ් ප්‍රින්ස්‘ නෞකාව නිරෝධායනය කිරිමට පියවර ගෙන තිබේ.

ඒ එම නෞකාවෙන් හොංකොං සිට ජපානය දක්වා පැමිණි 80 හැවිරිදි හොංකොං ජාතිකයෙකු කෙරෝනා ආසාදනය වූ බවට තහවුරු කිරිමත් සමගින්ය.

එම නෞකාව තුළ මගීන් 2666 ක් සිට ඇති අතර කාර්ය මණ්ඩලය 1045 කට ආසන්න පිරිසක් සිටින බව එරට මාධ්‍ය වාර්තාකරයි.

මේ අතර මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් ගණන අද වනවිට 426ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර චීනයෙන් පිටත කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවු දෙවන මරණය හොංකොං රාජ්‍යයෙන් වාර්තා වී තිබේ.

නව කොරෝනා වෛරසය ආසාදනයෙන් චීනයෙන් පිටත වාර්තා වූ දෙවන මරණය මෙලෙස හොංකොං රාජ්‍යයෙන් වාර්තා වී ඇත.

මෙලෙසෙ මියගොස් ඇත්තේ 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු පසුගිය ජනවාරි මාසයේ චීනයේ, වූහාන් ප්‍රදේශයේ සංචාරය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

මේ අතර හොංකොං සිට චීනය දක්වා ඇති දේශසිමා පිවිසුම් 13 කින් 10 ක් වසාදැමීමට හොංකොං බලධාරීන් ඊයේ පියවර ගනු ලැබුවේය.

මේ අතර කොරෝනා ආසාදිතයන් ගණන 20,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

නව කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයන් ගණන ඊයේ දිනයේදී 64කින් ඉහළ ගිය අතර දිනක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය බව චීන වාර්තා සඳහන් කළේ.

චීනය තුල කොරෝනා වෛරසය පැතිරයාම පාලනයේදී තම රජයෙන් අඩුපාඩු සිදු වී ඇති බවට චීන ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

වෛයිරසය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා සියළුම මට්ටම්වල රජයේ සේවකයන් හා පක්ෂ කමිටු සාමාජිකයන් ඒකාබද්ධ නිවේදන තරයේ පිළිපැදිය යුතු බව පෙන්වාදෙන ජනාධිපතිවරයා එම විධානයන් පිළිනොපදින හා වගකීම් පැහැරහරින සියළුදෙනාම දඬුවම්වලට යටත් බව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වූහාන්හි අළුතින් ඉදිකළ හෝෂෙන්ෂාන් රෝහලට රෝගීන් භාරගැනීම ඊයේ ආරම්භ වුණි.