FILE PHOTO: Pigs are pictured at a farm on the outskirts of Kunming, capital of southwest China's Yunnan province November 30, 2011. REUTERS/Jason Lee/File Photo - RC1784551550

අප්‍රිකානු සූකර උණ වසංගතය (African Swine Fever Virus) පිලිපීනයෙන් වාර්තා වන බව එරට කෘෂිකර්ම අමාත්‍යාංශය තහවුරු කරයි. පිලිපීනයේ දකුණු පළාතේ ගොවිපළ කිහිපයකින්ම ලබාගත් ඌරු ලේ සාම්පලවල මෙම අප්‍රිකානු සූකර උණ කාරක වෛරසය අන්තර්ගතව ඇතැයි පැවසේ. එම වාර්තා සඳහන් කරන්නේ මේ වන විටත් වෛරසය ආසිදිත ඌරන් 7000ක් පමණ හඳුනාගෙන ඇති බවයි.

ලොව වැඩිම ඌරු මස් පාරිභෝගිකයන් අතර පිලිපීනය පසුවන්නේ දසවැනි ස්ථානයේය. එසේ සියරටට ඌරුමස් ආනයනය කරන ප්‍රධාන රටවල් අතර පිලිපීනය පසුවන්නේ හත්වැනි ස්ථානයේය. අප්‍රිකානු සූකර උණ ​වෛරසය මුළුමනින්ම වාර්තාවී ඇත්තේ එරට මින්දනාවෝ දිවයිනෙන් සහ ඩවාවෝ ප්‍රාන්තයෙනි. මෙම වෛරසය පසුගිය වසරේදීද (2019) පිලිපීනයෙන් වාර්තා විය.

පිලිපීනයේ කෘෂිකර්ම ලේකම් විලියම් ඩාර් පවසන්නේ ​රෝගය මැඩලීම සඳහා එරට දිවයින් අතර සත්ත්ව ප්‍රවාහනය වහාම තහනම් කිරීමට පියවර ගත් බවයි. පසුගිය වසරේ මෙලෙස සූකර උණ වසංගතය වාර්තාවීමත් සමග එරට ඌරුමස් නිෂ්පාදනය දැඩි ලෙස පහත වැටුනු අතර චීනයෙන් හොර රහසේ සූකර මාංස ආනයනය කිරීමේ නීති විරෝධී ව්‍යාපාර රැසක්ද බිහිවිය. සූකර උණ කාරක වෛරසය සූකරයන්ගෙන් මනුෂ්‍යයන්ට සංක්‍රමණය නොවන අතර ඌරන් ක්ෂණික ආසාදිත තත්ත්වයන් යටතේ මරණයට පත්වීම පමණක් සිදුවේ.