එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ඡන්දට ඉදිරිපත් වීමට පක්ෂයේ බහුතරයක් අකමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ බව තමන් රනිල් වික්‍රමසිංහ මහතාට පැවසු විට එයින් ඔහු හිත් රිදීමකට ලක් වුවද සත්‍ය තත්ත්වය වන්නේ එය බවත් ඒ මහතා පැවසීය.

අද දෙරණ “මොකද වුණේ” වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

තමන්ව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පමණක් නොව පක්ෂයෙන් නෙරපා හැරියද තම මතය වෙනස් නොකරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් නොවේ නම් ඊට ඇති හොඳම විසඳුම වන්නේ වෙනත් පක්ෂයක් නිර්මාණය කිරීම බවත් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

එසේම පක්ෂයේ බිඳ වැටීමට පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් වග කිව යුතු බවත්, කවුරු කුමන මත දැරුවද ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු පිහිටුවීමට අවශ්‍ය නොවන බවත් ඒ මහතා පැවසීය.