ඊයේ දිනයේදී චිනය බලා ගිය ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් UL 1423 දරණ ගුවන් යානය අද උදෑසන මත්තල වෙත ලඟා වුනා.

අද අලුයම චීනයේ වුහාන් නගරයෙන් ගමන් ඇරඹි මෙම යානයේ , එරට රැඳී සිටි සිසුන් 33 දෙනෙකු පැමිණෙන අතර ඒ සියලුම දෙනා දියතලාවේ පිහිටි යුධ හමුදා විශේෂ රෝහල වෙත රැගෙන යනු ලැබුවා.

මත්තල ගුවන් තොටුපොළේදී ඔවුන්ව විශේෂ පරීක්ෂණයකට ලක් කල අතර කටුනායක ගුවන්තොටුපොල භාවිතා කරන දහසකුත් මගීන්ට කිසිඳු අවධානමක් නොදෙමින් මෙම සිසුන් පිරිසක් මත්තලට රැගෙන එනු ලැබුවේ ජනාධිපතිතුමා විසින් දෙනු ලැබූ උපදෙස් පරිදියි.