ඊයේ දිනයේදී චිනය බලා ගිය ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් UL 1423 දරණ ගුවන් යානය මීට ටික වෙලාවකට පෙර මත්තල වෙත ලඟා වුනා.

අද අලුයම චීනයේ වුහාන් නගරයෙන් ගමන් ඇරඹි මෙම යානයේ , එරට රැඳී සිටි සිසුන් 33 දෙනෙකු පැමිණෙන අතර ඒ සියලුම දෙනා දියතලාවේ පිහිටි යුධ හමුදා විශේෂ රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.