ශ්‍රී ලංකාවේ ජනතාව මේ මොහොතේ මුඛ ආවරණ පැළදීම යෝග්‍ය නොවන බව මහාචාර්‍ය මලික් පීරිස් මහතා පවසනවා .

කොරෝනා වලට එරෙහිව පරීක්ෂණ පවත්වන කණ්ඩායමේ සාමාජිකයෙකු වන මහාචාර්ය මලික් පීරිස් මහතා මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ ආදි සිසුවෙකුද වනවා.

මේ වන විට චීනයේ රැඳී සිටින ඔහු පසුගියදා ප්‍රකාශ කර තිබුනේ කොරෝනා වෛරසය ,සාස් තරම් ප්‍රබල වෛරසයක් නොවන බවයි.

සාස් වෛරසය නිසා 10% ක පමණ එයට ගොදුරු වූ ජනතාව මියගිය අතර කොරෝනා වෛරසයේ එම තත්වය දැක්වෙන්නේ 1%කට ආසන්න ප්‍රමාණයක් බවයි එතුමා සඳහන් කරන්නේ.

මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ජනතාව මුඛ ආවරණ පැලඳීම තර්කානුකූල නැති බවයි එහිදී ඔහු කියා සිටියේ.

එම වීඩියෝව පහතින්.

Video source – Hiru TV News

Security Check Required

null