චීනයේ වුහාන් නගරයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනයට අයත් ගුවන් යානයක් අද පිටත්ව ගියා.ඒ ශ්‍රී ලංකන් සමාගමට අයත් UL 1422 දරණ ගුවන් යානයයි.

එම යානය මීට ටික වෙලාවකට පෙර වුහාන් වෙත ලඟා වූ බවයි වාර්තා වන්නේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම ගුවන් යානයේ කාර්‍ය මණ්ඩලයටද යම් ආකාරයක කොරෝනා අවධානමක් ඇතිවීමයි.

එහෙත් ඔවුන් එය නොතකා වුහාන් නගරයේ සිර වී සිටින ලාංකිකයින් රැගෙන ඒම වෙනුවෙන් කැපවීම සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේම ගෞරවයට පාත්‍ර විය යුතු කරුණක්.