“රැස” අදින් අවසන්
================

ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් ධාරාවට නව දිනපතා ජාතික පුවත්පතක් ලෙස 2018 ජනවාරි 11 දින සිට නිකුත් කළ රැස පුවත්පත මුද්‍රණය හෙට සිට නවතා දැමීමට ලේක්හවුස් ආයතනය තීරණය කර තිබේ.

ලේක් හවුස් ආයතනයට ආකර්ෂණය කරගත නොහැකි වූ නැවුම් පාඨක පිරිසක් නතු කරගැනීමේ අරමුණින් දියත් කළ මෙම පුවත්පත අවිද්‍යාව, අශිෂ්ඨත්වය, මිත්‍යාව, ජාතිවාදය, ආගම්වාදය යනු පටු දෘෂ්ඨීන්ට එරෙහිව සැබෑ නවීන පුවත්පතක් ලෙස ප්‍රකාශයට පත් කිරීම මූලික අරමුණු අතර විය.

මෙම පුවත්පතේ ආරම්භ කතුවරයා වශයෙන් චාමර ලක්ෂාන් කුමාර මහතා කටයුතු කළ අතර, පුවත්පතේ නියෝජ්‍ය කතුවරයා වූයේ කසුන් පුස්සෙවෙල මහතායී.

රැස පුවත්පතේ ආරම්භක විශේෂාංග කතෘවරයා ලෙස රංජිත් කුමාර සමරකෝන් මහතා කටයුතු කළ අතර ප්‍රවෘත්ති කතෘවරයා වූයේ ශාලික විමලසේන මහතායී.

තිඹිරියාගම බණ්ඩාර, ජයසිරි ජයසේකර, රවීන්ද්‍ර විජේවර්ධන, නිලන්ත ගමගේ, මංජුල සමරසේකර, කසුන් ඉරුගල්බණ්ඩාර, පබදු සපුතන්ත්‍රි, ශිවන්ති ප්‍රනාන්දු ඇතුළු තරුණ මාධ්‍යවේදීන් කණ්ඩායමක් රැස වටා ගොනුව සිටියහ.

මෙම පුවත්පත් නව සන්නිවේදන තාක්ෂණයන් සමග අත්වැල් බැඳ ගන්තේ මධුක ප්‍රනාන්දු සහ විමුක්ති දුෂාන්තගේ යන මහත්වරුන්ගේ සහයෙනි.

මො.ල. සෙනෙවිරත්න ප්‍රමුඛ දක්ෂ තරුණ පිටු සැකසුම් ශිල්පීන් පිරිසක් ‘රැස’ නිර්මාණයෙහි ලා දායක වූහ.