කොරෝනා වෛරසය වාතය හරහා තවත් කෙනෙකුට බෝවීම වැළැක්වීමට හැකි බවට මහාචාර්ය මංජු ගුණවර්ධන මහතා පැවසූ පුවතක් පසුගියදා මවුරට වෙබ් අඩවිය වාර්තා කලා.

ඔහු එහිදී සඳහන් කලේ ඒ සඳහා නැනෝ තාක්ෂණය යොදා ගත හැකි බවයි.

ඒ අනුව අද පටන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේදී ඔහුගේ මෙම ක්‍රමය අනුගමනය කරමින් කොරෝනා වෛරසය පාලනය කරගත හැකි ක්‍රම වේදයක් ආරම්භ වී තිබෙනවා.

මෙම ක්‍රමයෙහි පේටන්ට් බලපත්‍රයද එතුමාට හිමි අතර ඔහුගේ සහයෝගයට SLINTEC කණ්ඩායමද එක්ව සිටිනවා.