ශ්‍රී ලංකාවෙන් හමු වූ ප්‍රථම කෝරොනා වෛරසය වැළඳි චීන කාන්තාව මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ වන විට ඇය නවාතැන් ගෙන සිටි හෝටලය හඳුනාගෙන ඇති අතර ඇය දින කිහිපයක්ම ශ්‍රී ලංකාවේ සංචාරය කොට ඉන් පසුව චීනය බලා යාමට සූදානම් වන විටයි මෙලෙස රෝහල් ගත කොට ඇත්තේ.

සාමාන්‍යයෙන් කොරෝනා වෛරසය වැළඳී එය හඳුනාගැනීමට සති දෙකක පමණ කාලයක් ගත වනවා.ඒ අනුව ඇය පසුගිය සති දෙකේදීම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කොට තිබෙන අතර එය ශ්‍රී ලාංකිකයින්ටද යම් අවදානම් සහගත සිදුවීමක් වනවා.

වයස අවුරුදු හතළිස් දෙකක් වූ චීනයේ වූහන් පළාතේ සිට පැමිණි චීන ජාතික කාන්තාවකට මෙම වෛරසය ආසාදන වී ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරන්නේ.

එම කාන්තාව පසුගිය දිනවල ආශ්‍රය කළ පුද්ගලයන් සහ සංචාරය කල ප්‍රදේශ සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය අංශ විසින් අවධානය යොමු කර තිබෙනවා.

මේ අතර චීනය වූහන් ප්‍රදේශායෙර් ප්‍රතිකාර කටයුතුවල යෙදී යෙදී සිටින හෙදියක විසින් සමාජ ජාල වෙත වීඩියෝවක්ද නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම වෛරසය වැළඳුණු එක් රෝගියෙකුගෙන් තවත් පුද්ගලයන් 16 දෙනෙකුට පමණ වෛරසය ආසාදන විය හැකි බවයි.