චීනයේ සිට ඊජිප්තුවට යාත්‍රා කරමින් සිටි ලාංකික නැවියන් 6 දෙනෙකු රෝගාතුර වී ඇති බව ජාතික නාවික සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති පාලිත අතුකෝරල සඳහන් කරන්නේ එම නැවියන් CMACG වුරල් නෞකාවේ ගමන් කරමින් සිටි බවයි.

ඔවුන් කොරොනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව ඉන් එක් නාවිකයෙකුගේ බිරිඳ තම සංගමයට දන්වා ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.