ඊයේ දිනයේදී කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක පිට IDH රෝහලට ඇතුලත් කෙරුනු රෝගීන් දෙදනාට එම වෛරසය ඇතුලත් වී නොමැති බව පරීක්ෂණවලින් සොයා ගෙන තිබෙනවා.

ඇතුලත් කෙරුනු දෙදෙනාගෙන් එක් අයෙකු චීන කාන්තාවක් වන අතර ඇයටද කොරෝනා වෛරසය සෑදී නොමැති බවයි හෙළිව ඇත්තේ.

මෙලෙස සැක පිට ඇතුලත් කෙරුනු රෝගීන් ගණන 4 ක්.ඉන් එක් අයෙකු ප්‍රතිකාර ලබා ගෙන පිටත්ව ගිය බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.