චීනයේ වුහාන් වල සිටිනා සියලූම ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට ගෙන්වා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙන බව මවුරටට වාර්තා වනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රි ලංකන් එයාර් ලයින් ආයතනයට එතුමා නියෝග කොට ඇත්තේ දැනට චීනයේ වුහාන් නගරයේ අසරණ වී සිටිනා සියලූම ශ්‍රී ලාංකික සිසුන් යළිත් දිවයිනට ගෙන්වා ගන්නා ලෙසයි.

වාර්තා වන ආකාරයට ශ්‍රී ලාංකික සිසුන් 44 දෙනෙකු වුහාන් වල සිර වී සිටිනවා.දෙරට අතර ගුවන් ගමන් ක්‍රියාත්මක නොවීම ආදී කරුණු නිසා මෙම පිරිසට යළි මෙරටට පැමිණීමට නොහැකි වී තිබුනා.

“කොරෝනා ” වෛරසය ආරම්භ වී ලොව පුරා පැතිර ගියේ ද වුහාන් නගරය කේන්ද්‍ර කොටගෙනයි.