ශ්‍රී ලංකා යුධ හමුදාවේ නව යුධ හමුදාපතිවරයා ලෙස හෙට දිනයේදී ශවේන්ද්‍ර සිල්වා මහතාව පත් කිරීමට නියමිතය.එතුමන් මීට පෙර යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුර හෙබවූ අතර මහේෂ් සේනානායක මහතාගේ විශ්‍රාම ගැනීමෙන් පසුව යුධ හමුදා ධූරාවලියේ දෙවෙනි තනතුර හොබවන එතුමා ජනාධිපතිවරයා හමුවේ හෙට සිට වැඩ භාර ගැනීමට සූදානම් බව වාර්තා වෙනවා.

නව හමුදාපතිවරයා පත් කිරීමට බටහිර බලපෑම් එල්ලවූ බව රහසක් නොවේ.එවැනි පසුබිමක ඊට යට නොවී ජනාධිපතිතුමා ගත් මෙම තීරණය පැසසිය යුතුමය.

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවෙකු වන ශවේන්ද්‍ර සිල්වා මහතා අවසන් සටන් සමයේ 58 වෙනි සේනාංකයේ බ්‍රිගේඩියර්වරයා ලෙස කටයුතු කලා.2009 ජූනි මාසයේදී මේජර් ජෙනරාල් නිලයට උසස් කෙරූ ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මවු සේනාංකය වනුයේ ගජබා රෙජිමේන්තුවයි.

Leave a Reply

  Subscribe  
Notify of