ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදිය යුතු ලැයිස්තුවක් අද පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ජනාධිපතිතුමන්ට භාර දෙනු ලැබූවා.

දූෂණ චෝදනාවලට ලක්වූවන්, භික්ෂූන් වහන්සේලා, අන්‍යාගමික නියෝජිතයන්, මූලධර්මවාදී නිකායික නියෝජිතයන්, නළු නිලියන්, රූරැජිණියන්, ගායක ගායිකාවන්, ක්‍රීඩකයින්, තැබෑරුම්කාරයින්, මත් ජාවාරම්කරුවන් නාම යෝජනා ලබා දීමෙන් වලකින ලෙසයි උන්වහනසේ එහිදී ඉල්ලා සිටියේ.

නමුත් එය කෙතරම් සාධාරණදැයි ගැටලුවක් පැන නඟිනුයේ ඇතැම් ක්‍රීඩකයින් , ජාත්‍යන්තරය ජය ගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙනා ආ අය නිසාවෙනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදුන් ලිපියෙහි ඉහත කරුණු සඳහන් වන අතර එම ලිපිය පහතින් දක්වා තිබෙනවා.