නව සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් කොළඹ පිහිටි අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිවසේදී අද (17) පැවැත්වුනා.

එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍ය රවී කරුණානායක සහ අමාත්‍ය නවීන් දිසානායක ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නායකයින් ද සාකච්ඡාව සඳහා එක්ව සිටින බවයි වාර්තා වුනේ.

මේ අතර සිය ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නා ආකාරය සම්බන්ධයෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙලෙස අදහස් පළ කළා.

“පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම තමයි අපේක්ෂකයා තෝරන්නේ. විවධ අදහස් තිබෙනවා. පක්ෂ නායකත්වය හා නිලධාරී මණ්ඩලයක් ඉන්නවා අපිට සාකච්ඡා කරලා තීරණයක් ගන්න පුළුවන්.

අපේ සන්ධානයට බොහෝ දෙනෙක් එකතුවෙන්න ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්. පොහොට්ටුවේ පිරිසක් එක්වීමට ඉන්නවා.

අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයෙක් ඇවිල්ලා ඉන්නවා. එන අපේක්ෂකයෝ අපිට අභියෝගයක් නෙමෙයි.

අපිට තරුණ නායකයෝ ඉන්නවා. ජනප්‍රිය නායකයෝ ඉන්නවා. සන්ධානයේ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක්. කැට තියලා කියනවා අපි මේකත් දිනන්නේ අපි.”
-Neth Gossip-

Leave a Reply

  Subscribe  
Notify of