ශ්‍රි ලංකාවෙන් තුරන් වී ඇතැයි මෙතෙක් විශ්වාස කල කලු කොටියා තවමත් ජීවත් වන බව හෙළිව තිබෙනවා.

ලෝකයේ කොටින් වර්ග 8ක් සිටින අතර “ශ්‍රී ලංකා කොටියා”යන උප ප්‍රභේදයට අයත් මෙම කලු කොටියා දැනට ශ්‍රී ලංකාවේ නොමැති බවටයි මෙතෙක් විශ්වාස කලේ.

අවසන් කලු කොටියාගේ සමින් තැනූ අනුරුවක් ගිරිතලේ වනජීවී කාර්‍යාලයේ ස්ථාපිත කොට තිබෙන අතට එම අවසන් සත්වයා උගුලකට හසුව මියගොස් තිබුනා.

කෙසේ වෙතත් වනජීවි දෙපාර්තමේන්තුවට ලද තොරතුරු වලට අනුව සවි කොට තිබූ කැමරාවල මෙම කලු කොටියා වනයේ සැරි සරන ආකාරය පටිගත වී තිබෙනවා

එම භූමියේ කැමරාවේ සටහන් වූ කලු කොටියාට අමතරව තවත් ගැහැණු කලු කොටියෙකු,පැටවුන් දෙදෙනෙකු සහ තවත් පිරිමි කලු කොටියෙකු වාසය කරන බවටයි අනාවරණය වී ඇත්තේ.