කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට මගින් රැගෙන යාමට පැමිණෙන කුලී රථ රියදුරන් හා පුද්ගලික වාහන වලින් පැමිණෙන්නන් බියකොට පලවා හරිනු ලබන මෙම මාෆියා කල්ලිය පිලිබදව මිට පෙරදීද අප වාර්තා කොට ඇත්තෙමු.

බැලු බැල්මට කිසියම් හැදුනුම්පතක් පැළද සිටින මොවුන් මෙලෙස මගීන් රැගෙන යාමේ පරියන්තයට පැමිණෙන වාහන වලට තර්ජනය කරන්නේ කෙලසද , කුමන නීති ප්‍රතිපාදනයක් යටතේද යන්න ප්‍රශ්නාර්ථයකි. ගුවන් තොටුපල වාර්තාකරුවන් පවසන්නේ මෙම ගැටළුවට බලධාරින්ගේ කිසිදු අවධානයක් තවමත් යොමුවී නොමැති බවයි.

රටේ නම කන මෙවැනි මෝඩයින්ට “ගොබ්බයින්” හැර වෙනත් කිවයුතු සුදුසු වචනයක් අපි නොදනිමු.