එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප‍්‍රකාශයට පත්කිරීම හා එම පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවීමට යන නව සන්ධානය එළිදැක්වීම එකම දිනකදී සිදු කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.
මේ සම්බන්ධව දැනට අභ්‍යන්තර සාකච්ඡුා පැවැත්වෙමින් තිබෙන බවත් අර්බුදයකින් තොරව සාකච්ඡුා මාර්ගයෙන් මෙම කටයුතු විසඳා ගැනීමට කටයුතු කෙරෙන බවත් එම ප‍්‍රකාශකයා පැවසීය.

එහෙත් සන්ධානය පිහිටුවීමට පෙර ජනපති අපේක්ෂකයා ප‍්‍රකාශයට පත් කළ යුතුය යන්න එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ අදහස වී තිබේ.

මේ අනුව ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම පළමුව සිදු කිිිරීමටත් ගැටලූ ඇති නොවන අයුරින් සන්ධානය පිහිටුවීම මෙන්ම මෙම කාරණා දෙකම සම්බන්ධයෙන් පුළුල් ප‍්‍රචාරයක් ලබාදීමටත් අවධානය යොමුවී ඇතැයි ඉහත ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

උපුටා ගැනීම -දිවයින

Leave a Reply

  Subscribe  
Notify of