වර්තමානයේ රටේ මිනිසුන්ට බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමට අවස්ථාව උදා වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.යාපනයේ සංචාරයක නිරතවීමේන් අනතුරුව අදහස් දැක්වූ එතුමා සඳහන් කලේ,පාස්කු බෝම්බය තම පාලන කාලය තුල එල්ල වුවද එයට සම්බන්ධ සියලූම දෙනා පාහේ මේ වන විටත් අත් අඩංගුවට ගෙන ඇති බවයි.

බෝම්බකරුවන් සමඟ තේ බීපු අයව පවා සොයන බැවින් කිසිම සැකකරුවෙකුට නිදහස් වීමට ආණ්ඩුව ඉඩ නොදෙන බවද එතුමා සඳහන් කලා.

යාපනය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කිහිපයකට මෙහිදී මුල්ගල තැබු අතර ඒ පිලිබඳව එතුමාගේ ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් කර තිබුනා.

“වව්නියාව මහ රෝහලේ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම හා වකුගඩු නිවාරණ ඒකකයට මුල්ගල තැබීමේ අවස්ථාවට මා සහභාගී වනු ලැබුවා.

අධ්‍යාපනය හා සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සඳහා වැඩි මුදලක් වැය කිරීමට අප රජය ප්‍රමුඛත්වය ලබාදුන් අතර එය වත්මන් පරම්පරාව වෙනුවෙන් අප සිදුකරන ලද විශාල ආයෝජනයකි.

වව්නියාව සහ වන්නි ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා වත්මන් රජය ආරම්භ කළ කාර්යභාරය තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහා විශේෂ පියවර රැසක් අප නුදුරේදී ගනු ලබනවා. එ් අනුව, රජරට සහ වන්නි ප්‍රදේශයන්ට ප්‍රතිලාභ සැලසෙන මල්වතු ඔය ජලාශය ඉදිකිරීමේ වැඩ කටයුතු සදහා ලබන සතියේ අප මුලපුරනු ලබනවා.

வவுனியா பெரிய ஆஸ்பத்திரி அவசர விபத்துப் பிரிவினை திறந்து வைத்தல் மற்றும் சிறுநீரக நோய் சிகிச்சைப் பிரிவுக்கான புதிய கட்டிடத்திற்கான அடிக்கல் இடல் நிகழ்வுகளில் இன்று நான் கலந்து கொண்டேன்.

கல்வி மற்றும் சுகாதாரம் ஆகிய துறைகளுக்கு அதிக நிதியை செலவிடுவதற்கு எமது அரசாங்கம் அதிக முன்னுரிமை வழங்கியதுடன், அது தற்போதைய தலைமுறைக்காக நாம் முன்னெடுக்கும் பெரும் முதலீடு ஆகும்.

வவுனியா மற்றும் வன்னி பிரதேசங்களின் அபிவிருத்திக்கு நடப்பு அரசாங்கம் ஆரம்பித்த பொறுப்புக்களை மேலும் முன்னெடுத்துச் செல்வதற்கு சிறப்பு நடவடிக்கைகள் பலவற்றை நாம் ஆரம்பித்திருக்கின்றோம். அதன்பிரகாரம் ரஜரட்ட மற்றும் வன்னி பகுதிகளுக்கு பயனளிக்கும் மல்வத்தை ஓயா நீர்த்தேக்கத்தை நிர்மாணத்தை நாம் அடுத்த வாரம் ஆரம்பிக்கவுள்ளோம்.”

Leave a Reply

  Subscribe  
Notify of