රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් පසුගියදා එරට Night Wolves නම් යතුරු පැදි සමාජයේ ප්‍රදර්ශනයකට එක් වූවා.මෙහිදී දැඩි යතුරු පැදි ලෝලියෙකු වූ පුටින් යතුරු පැදියක් ධාවනය කලේ හෙල්මට් එකක්ද නොමැතිවයි.පසුව මෙම සිදුවීම පිලිබඳව එරට සමාජ ක්‍රියාකාරීන් දෙදනෙකු අධිකරණයට පැමිණිලි කලේ ඔහු විසින් එරට නීතිය කැඩූ බවට චෝදනා කරමිනුයි.

කරුණු සලකා බැලූ අධිකරණය විසින් ඩොලර් 15 ක දඩයක් ගෙවීමට ඔහුට නියෝග කලා.

චෝදනාව ගොනු කල දෙදෙනා පැවසුවේ හෙල්මට් එකක් නොමැතිව රිය ධාවනය ,වැරදි පූර්වාදර්ශයක් බවයි.

සිදුවීම පිලිබඳව අදහස් දැක් වූ පුටින් කියා සිටියේ ,තරුණ පරපුර තම රට සහ රටේ නීතිය ගැන මේ ආකාරයෙන් උනන්දු වීම තමන්ගේ සතුටට හේතුවක් බවයි.

අදාළ වීඩියෝව පහතින්

Leave a Reply

  Subscribe  
Notify of