රාජපක්ෂ කඳවුරෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇත්තේ ‌ත්‍රෛනිකායික මහනායක හිමිවරු ඇතුළු සර්ව ආගමික නායක තුමන්ලාගේ නිර්දේශ වලට පටහැනි ‌කෙනෙක් බවත් ඔහු රාජපක්ෂ කඳවුරේ දුර්වලම අපේක්ෂකයා බවත් ජනතා විමුක්ති ‌පෙරමුණේ ප්‍රචාරක ‌ලේකම් විජිත ‌හේරත් මන්ත්‍රීවරයා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ‌මෙසේ කීය.

“රාජපක්‍ෂ කඳවුරෙන් ඉදිරිපත් කොට තිබෙන අපේක්‍ෂකයා එම කඳවුරේ දුර්වලම පුද්ගලයායි. ඔහු පහුගිය කාලයේ භාවිතාවෙන් ඔප්පු කොට තිබෙනවා ඔහුට මූල්‍ය විනයක් හෝ පරිපාලන විනයක් නැහැ කියලා. රාජපක්‍ෂ කඳවුරේ දුර්වලම පුද්ගලයාට රට වෙනස් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් කිව්වේ අලූත් කෙනෙක් ගේනවා කියලා. ඒ අපේක්‍ෂකයා ගොඩක් පරණ කෙනෙක් මාස ගානක් තිස්සේ කතා කරපු පුද්ගලයෙක්.

මහානායක හාමුදුරුවන් වහන්සේලා, අනෙකුත් ආගමික නායකතුමන්ලාගේ එකඟතාවයෙන් ශී‍්‍ර ලංකාවට සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදාකරගැනීම උදෙසා සුදුසුකම් ඇති මැතිවරණ අපේක්‍ෂකයන් තෝරා පත්කර ගැනීම සඳහා දේශපාලන පක්‍ෂ නායකයන් හා මහජනතාව වෙත නිර්දේශ ප‍්‍රමාණයක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ සඳහා මල්වතු, අස්ගිරි, අමරපුර, සහ රාමඤ්ඤ මහා නිකායන්වල මහානායක හාමුදුරුවන් වහන්සේලා, කොළඹ අග රදගුරු හිමිපාණන්, ලංකා සභාවේ රදගුරු හිමිපාණන්, සමස්ත ලංකා හින්දු සම්මේලනයේ කුරුක්කල් තුමා සහ ජමියතුල් උලමා සභාවේ සභාපතිතුමන් අත්සන් කොට තිබෙනවා. රටේ ඊළඟ දේශාපාලන නායකත්වය සහ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් වන නියෝජිතයින්ට මෙම නිර්දේශ වලංගු වෙනවා. එම නිර්දේශවල පැහැදිළිව සඳහන් වෙනවා, අපරාධ වැරදිවලට වරදකරුවී ඇති අපේක්‍ෂකයන්, නඩුපවතින අපේක්‍ෂකයන් සඳහා නාම යෝජනා ලබානොදිය යුතුයි කියලා. වර්තමානයේ අපේ රටේ මැතිවරණවලට තරඟ වදින අපේක්‍ෂකයින්ගේ නුසුදුසුකම් නිසා ආගමික නායකයින් එක්වී මෙලෙස නිර්දේශ ප‍්‍රමාණයක් ඉදිරිපත් කරන්න කටයුතු කළා. සියලූ දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධානවලට ආරාධනා කරලා ඔවුන් ඉදිරියේ තමයි මෙම නිර්දේශ ඉදිරිප්කළේ. රට ඉල්ලා සිටින්නේ එවැනි අපේක්‍ෂකයින්. නමුත් දැන් රාජපක්ෂ කඳවුරෙන් ඉදිරිපත් කරලා තියෙන්නෙ සර්ව ආගමික නායකයන්ගෙ නිර්දේශ වලට පටහැනි ‌කෙනෙක්.

අපේ රට විනාශ කළ, කැරකොප්පුවක් බවට පත්කළ පැරණි පාලකයන් පරාජයට පත්කොට නව ගමනක් ආරම්භ කිරීම සඳහා අපි කටයුතු කරනවා. අපේ රට ණය උගුලක හිරකරපු මේ පාලකයින්ට එරෙහිව ජන බලයක් ගොඩනගනවා. ලබන 18 වැනිදා ගෝල්ෆේස් පිටියේ ‘ජාතික ජන බලවේගය’ විසින් පවත්වන මහ රැලියේදී නව බලවේගයේ අපේක්‍ෂකයා රටට ප‍්‍රකාශයට පත්කරනවා. පරණ හොරුත් අලූත් හොරුත් පරාජයට පත්කරලා නව විකල්ප බලයක් ගොඩනගන රට හදන අපේක්‍ෂකයා අපි ඉදිරිපත් කරනවා. රට ඉල්ලන ආගමික නායකයින් නිර්දේශ කරපු අපේක්‍ෂකයා ඉදිරිපත් කරන්නේ ජාතික ජන බලවේගයයි. අදුෂිත, පරිපාලන විනයක් සහිත, මූල්‍ය විනයක් සහිත රට ගැන හැඟීමක් තිබෙන දේශපාලන වශයෙන් පරිණත රට ගොඩනැගිය හැකි නායකයා අපි රටට හඳුන්වලා දෙනවා” විජිත ‌ෙහේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

  Subscribe  
Notify of