වැල්ලවාය නගරයේ නව සුපිරි වෙලද සංකීර්ණය අසල ඇති ගස් කපා ඉවත් කිරීමට වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් විසින් අද(15) උදෑසන කම්කරුවන් යොදා කටයුතු කර ඇත.මෙම ගස් ඉවත් කිරීම සම්බන්ධයෙන් නගරයේ ජනතාව සහ පුද්ගලයන් රැසක් විරෝධතාව පල කරන අතර නමුත් ප්‍රාදේශීය සභා නිලධාරීන් විසින් එම ගස් මේ වන විටත් කපා ඉවත් කරමින් සිටී.මේ එලෙස විරෝධතාව පල කල පුද්ගලයකු කියා සිටි අදහස් ය.

රටේ ජනාධිපති තුමා ගස් හිටවනවා.ප්‍රාදේශීය සභාවක අය ඇවිල්ලා හිටවපු ගස් ටික කපලා දානවා.මේකට වෙන විකල්පයක් කරන්න තිබුනා.ගස් කපලා ඉවත් කරන එක නෙමෙයිවිකල්පය.නගර අලංකාරය කරන්න රට හදන්න පරිසරය සුරකින්න වෙර දරන සමාජයක මෙහෙම අපරාධ වෙන එක ගෝඩක් රජයත් අහිතකරයි.මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා කටයුතු කරන්න කියලා අපි බලදාරින්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.ඔහු එලෙස අදහස් දැක්වීය.

අප මේ සම්බන්ධයෙන් වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති ආර් ඩී හරමානිස් මහතාගෙන් සිදු කල විමසීමකදී ඒ මහතා සදහන් කලේ සුපිරි වෙලද සංකීර්ණය උඩු මහලේ වෙලද ව්‍යාපාරිකයින් අපහසුතාවට පත් වෙලා ඉන්නව.වෙලදාමක් නෑ.ඒ වගේම ඒ කඩ කාමර බදු දෙන්න බෑ මේ ගස් වලට වැහිලා.පාරේ පදික වේදිකාව සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙනවා.ඒ වගේම වෙලද සංකීර්ණය බිත්ති ඉරි තැලිලා.ජල සහ විදුලි පද්දතිය ටත් හානි වෙනවා.ඒ සේරම සැලකිල්ලට අරං වැල්ලවාය සභාවේ ඒකමතිකව ගත්‍ත තීරනයක් නිසා මේ ගස් මෙලෙස ඉවත් කිරීමට කටයුතු කරන බව ඒ මහතා කියා සිටියේය.

උපුටා ගැනීම -monaragala TV