ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි විපත් හේතුවෙන් විපතට පත්ව සිටින ජනතාව සහ සතුන් වෙනුවෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 12 ක මුදලක් දින 04ක් තුලදී රැස්කරනු ලැබූ නිරූපිකාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා.

Kaylen Ward නම් 20 හැවිරිදි මෙම ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ නිරූපන කටයුතුවල යෙදෙන මෙම තරුණිය සිය නිරුවත් ජයාරූප යොදා ගනිමින් ඩොලර් ලක්ෂ හතක මුදලක් එක් රැස් කිරීමට සමත්ව තිබෙනවා.

” ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි විපතින් පිඩාවට පත්ව සිටින ජනතාව සහ සතුන් වෙනුවෙන් කටයුතු කරන ස්වේච්ජා සංවිධාන හෝ රජයේ ආයතන වෙනුවෙන් ඩොලර් 10ක මුදලක් පරිත්‍යාග කරන්න. එසේ ඔබ කරනා පරිත්‍යාගය වෙනුවෙන් ලබාදෙන කුවිතාන්සිය මා වෙත එවන්න, මාගේ නිරුවත් ජායාරූපයක් ඔබ වෙත ලබා දෙන්නෙමි. මම මුලින්ම ඩොලර් 1000ක් ඒ වෙනුවෙන් පරිත්‍යාග කරනවා” යනුවෙන් ඉකුත් ජනවාරි මස 03 වෙනිදා Kaylen Ward සිය ට්විටර් ගිණුම හරහා සටහනක් යොදා තිබෙනවා.

ඇගේ එම සටහන යෙදු ට්විටර් පණිවිඩය සමග සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇය බලාපොරොත්තු නොවූ ප්‍රතිචාරයක් හිමිවූ අතර ඒ හරහා ඇයට දින 04ක කාලයක් තුලදී ඩොලර් ලක්ෂ හතක (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 12කට ආසන්න මුදලක්) රැස්කර ගැනීමට හැකිව තිබෙනවා.