දරුවන් විදේශ විශ්වවිද්‍යාලවලට යවන ආයතන නියාමනය කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.

සිසුවියන් තිදෙනකු අසර්බයිජානයේදී මරණයට පත්වීමෙන් එම අවශ්‍යතාව පෙන්වාදෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළේ සිද්ධියෙන් මියගොස් ඇති සිසුවියන් දෙදෙනකුගේ පිළියන්දල පිහිටි නිවසට ඊයේ (12 වැනිදා) ගිය අවස්ථාවේදීය. ආයතන නියාමනය කරන අතරම උසස් පෙළ සමත් වන සියලුදෙනාට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීම අරමුණ යැයිද ඒ මහතා කීවේය.

මේ අතර විදේශ විශ්වවිද්‍යාලයන්හිදී සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් වන පැමිණිලි තමන් භාර ගන්නා බවද මීට පෙර එම අකටයුතුකම් පිළිබඳ පැමිණිලි කිරීමට හෝ කිසිවෙක් නොසිටි බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා සඳහන් කළේය.