පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමත් සමඟම ශ්‍රීලනිප ය තුල හටගෙන තිබෙන අර්බුදය තවත් වැඩි වී තිබෙනවා.එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය පිලිබඳවද පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් ජනපතිවරයාට පැමිණිලි කිරීමටද සූදානම් බවයි වාර්තා වන්නේ.

දැනට එම පක්ෂයේ සිටින දුමින්ද දිසානායක,මහින්ද අමරවීර.මහින්ද සමරසි`න්හ,ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුන් එජාපයට එක්වීමට තීරණය කර ඇති අතර සෙසු මන්ත්‍රීවරුන් බොහෝ දුරට පොහොට්ටුව සමඟ එක්වනු ඇති.එස් බී දිසානාකය සහ ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරුන් දැනටමත් පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාට සහාය පල කර තිබෙන අතර ඉදිරි මහ මැතිවරණයකදී එම පක්ෂය යටතේ තමන් තරඟ වැදීමට බලාපොරොත්තුවන බවයි ඔවුන් කියා සිටියේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කිරීමත් සමඟම ඔවුන් සමඟින් සාකච්චා කිරීමේ තවත් පලක් නොමැති බවට එහි ලේකම් දයාසිරි ජයසේකර මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුනා.නමුත් ශ්‍රීලනිපයේ බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ මෙම අවස්ථාවේදී පොදු ජන පෙරමුනට සහාය දැක්විය යුතු බවයි.

Leave a Reply

  Subscribe  
Notify of