ශ්‍රී ලංකාවේ සුන්දරම ගම්මානය ලෙස බොහෝ දෙනා අව්වාදයෙන් පිලිගනු ලබන්නේ මීමුරේ ගමයි.

උඩුදුම්බර ප්‍රාදේශීය කොට්ඨාශයට අයත් මීමුරේ ගම මීට වසර කීපයකට පෙර සැබවින්ම ගම්මානයක ස්වරූපය ගත්තද මේ වන විට එය පෙරට වඩා දියුණු වී ජනාකීර්ණ වි තිබෙනවා.

මීමුරේ හි සංචාරය කරන ඇතමෙකු මෙලෙස ගම දියුණු වීම පිලිබඳව චෝදනා ස්වරූපයෙන් අදහස් එකතු කලද , මවුරට වෙබ් අඩවියේ මතය එයට වඩා වෙනස් එකකි.

මීමුරේ පහසුකම් වලින් තොරව ඉපැරණි ගමක් ලෙසට පැවතිය යුතු යැයි සිතන්නේ වසරකට වරක් හෝ වසර දෙක තුනකට වරක් එහි යන ඔබය.

නමුත් ලෙඩෙකු රෝහලට ගෙන යාමට පාරවල් අලුතෙන් බිහිවීම සිට හොඳ අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීමට පාසල දියුණු වීම දක්වා වූ කරුණු මීමුරේ ගම් වැසියන්ගේ සිහිනයන්‍ ය.

එම නිසා මීමුරේ දියුණු වීම සැබවින්ම විය යුත්තකි.

එහෙත් ප්‍රශ්නය නම් ගම දියුණු වුවද ,එය නරඹන්නට එන බොහෝ දෙනෙකුගේ මොළය දියුණු වී නොතිබීමය.

කන ආහාර පැකට් එකේ දවටනයේ සිට ,බොන මත්පැන් බෝතලය දක්වාම අපද්‍රව්‍ය ඔවුන් එකතු කරනුයේ පරිසරයටය.

ඉතින් එය එසේ නොකල යුතු යැයි අමුතුවෙන් කිව යුතු නැත.එය තේරුම් ගැනීම සාමාන්‍ය දැනීමට අයත් කරුණුය.

මීමුරේට ඔබ කොපමණ වරක් ගියද,එහි කොපමණ දවසක් ගත කලද ඔබත් ඉහත කී ආකාරයේ පුද්ගලයෙකු නම් ඔබෙන් කිසිම ඵලක් නැත.

ඇතැම් විට ඔබ එහි දමා ආ කුණු කසල ද පහත ජායාරූපයේ තිබෙනවා වන්නට පුලුවන්.

ප්‍රශ්නය ඇත්තේ කොහි දැයි දැන්වත් ඔබ තේරුම් ගන්නේ නම් මීමුරේ මෙන්ම ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානාවල සුන්දරත්වය එලෙසින්ම පවතිනු ඇත.

National green Front පිටුව