ලංකා ඉතිහාසයේ වැඩිම අලි මරණ ගණන පසුගිය වසරෙන් වාර්තා වේ

ලංකා ඉතිහාසයේ වැඩිම අලි මරණ සංඛ්‍යාව 2019 වසරෙන් වාර්තා වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

එහි ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේ 2019 වසරේදී විවිධ හේතූන් මත අලි 361ක් මියගොස් ඇති බවයි.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය මඟින් කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවයි රවින්ද්‍ර කාරියවසම් මහතා සඳහන් කළේ.