රන්ජන් ,දිල්රුක්ෂි ඩයස්ට ගත් ඇමතුමත් එළියට

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් වූ පසු ඇය සමග රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සිදුකළ දුරකථන සංවාදයක් අද මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.

ඒ සිංහලේ සංවිධානය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

එම සංවාදය මෙසේය,

“දිල්රුක්ෂි-සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාට

රන්ජන්-එසේම වේවා මැතිණිය කොහොමද?

දිල්රුක්ෂි-හොඳින් ඉන්නවා, හොඳින් ඉන්නවා, ඔබතුමා කොහොමද?

රන්ජන්-අනේ හොඳින් ඉන්නවා හොඳින් ඉන්නවා මැඩම්

දිල්රුක්ෂි-ඔව්

රන්ජන්-අනේ මං මේ කතා කළේ සන්ඩේ ටයිම්ස් එකෙන් ආවා ආටිකල් එකක් කරන්න සුල්ෆිකර්.
එයා ඇහුවා අර මම පැමිණිල්ලක් දැම්මනේ රංගේ බණ්ඩාර එයාට අල්ලස් දෙන්න උත්සාහ කළානේ, ඒ කේස් එක. දැන් මොකද ඒකට වෙන්නේ කියලා. එතකොට මං කිව්වා ඉස්සර හිටියා කිව්වා අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක් දිල්රුක්ෂි වික්‍රමසිංහ කියලා. එයා ඉන්න කාලේ ඔයවගේ දෙයක් වුණානම් අපිට ගෙවල්වල ඉන්න හම්බෙන්නේ නෑ කිව්වා. එයා මෙතනට එවනවා කිව්වා නිලධාරීන්ව

දිල්රුක්ෂි-අනිවාර්යයෙන්ම… අනිවාර්යයෙන්ම…

රන්ජන්-ආ මේ මම ඔබතුමියට ආයෙත් ටක්ගාලා ගන්නද?

දිල්රුක්ෂි-ආ හොඳයි ඕකේ…

රන්ජන්-මේකයි සරත් ජයමාන්නට මං කෝල් එකක් දුන්නා මම ආයේ ටක්ගාලා ගන්නවා මේක අරගෙන ආ…

දිල්රුක්ෂි-හරි හොඳයි.

රන්ජන්-ආ කමක් නෑ ඔහොම්ම කතා කරන්න මැඩම්. මේ ඊට පස්සේ මම කිව්වා දැන් මේ ඉස්සරම අපි මම රෑ නිකන් දහය නිකන් බලන්න ගියා මෙතන. බලද්දි දිල්රුක්ෂි වික්‍රමසිංහ උඩ ඉඳන් මට කෑගහලා බැන්නා කිව්වා ඔයා කවුද අපේ දේවල් හොයන්න කියලා. ඉතින් නමුත් මම කිව්වා මම හරි සන්තෝසෙන් ගෙදර ආවා මේගොල්ලෝ රෑ 10.30 වෙනකනුත් මෙතන වැඩ කියලා. දැන් මේ සරත් ජයමාන්න මහත්තයා ඇවිල්ලා ඉන්නවා කිව්වා. මං කිව්වා දිල්රුක්ෂි වික්‍රමසිංහ දාපු නඩු ඉල්ලා අස්කරගන්නවා කිව්වා. මන් ඇහුවා මොකටද මුන්ට පඩිගෙවන්නේ. මෙයා නඩු ඉල්ලා අස්කරගන්නවා. මම කිව්වා අපිට පාරේ බැහැලා යන්නත් බෑ මේ අල්ලස් කොමිසමේ වැඩහින්දා. මම කිව්වා ඇත්තටම මැතිණිය හරිම කලකිරෙනවා. එතකොට මේ මම කිව්වා. සජින් වාස් ගුණවර්ධන ඇවිල්ලලු හම්බෙන්න මාව.

දිල්රුක්ෂි-අප්පා… මොකක්ද? මට කෝල් එකක් දෙන්න එයා මොකද්ද කියන්නේ කියලා අහලා හොඳට

රන්ජන්-එතකොට මේ සරත් ජයමාන්න මට ඊළඟ ලයින් එකෙන් කතාකරනවා. මොකද්ද මැතිණිය කරන්න ඕනේ? මෙතන වැඩකෙරෙන්නේ නෑනේද

දිල්රුක්ෂි-අනේ මන්දා… මටනම් පේන්නේ නෑ මුකුත්. මටනම් දන්නේ නෑ. අපිත් ඉතින් පත්තරවලින්නේ කියවන්නේ. ඔයා කතා කරලා මේ ප්‍රශ්නෙ අහන්න. අල්ලස් පනතේ 19වන වගන්තිය යටතේ අල්ලස් වරදක් නම් ටෙලිෆෝන් එකේ කෝල් එකක් ටෙලිෆොන් එකෙන් එයා දීලා තියෙනවා ටේප් රෙකෝඩර් එක ඇවිල්ලා ඩිරෙක්ට් සාක්ෂියක්නේ. ඩිරෙක්ට් සාක්ෂියක්නම් ඇයි ඒකට නඩුදාන්නේ නැත්තේ කියන එක පැහැදිලි කරන්න එක විතරක් අහන්න එච්චරයි.

රන්ජන්-මෙයා කියනවා ටෙලිෆෝන් එකෙන් බෑ… ඇවිල්ලා කියන්න එහෙම කියලා ඩ්‍රෑග් කරනවා. අනිත් එක මට ඇතුළෙන් කිව්වා මිනිහා මේ ඊටපස්සේ කිව්වලු, ඔෆිසර්ස්ලා කතාකරලා කිව්වා ඇතුළේ ඉන්නවනේ අපේ යාළුවෝ. අයියෝ මේ මේ ආණ්ඩු මාරුවෙනවා උඹලා නිකන් ලෙඩදාගන්න එපා කියලා මතයක් යවනවලු ඇතුළේ.

දිල්රුක්ෂි-ඇත්තට?

රන්ජන්-ඉතින් බලන්න

දිල්රුක්ෂි-මයි ගෝඩ්… හැබැයි මෙහෙම එකක් තියෙනවා දැන් ඔයා පැමිණිල්ලක් දැම්මානේ. ඔයා පැමිණිල්ල දැම්මට පස්සේ ඔයාට දැන් කරන්න දෙයක් නෑ ඉතුරුටික එයාට තියෙන්නේ, ඔයා ගිහිල්ලා පැමිණිල්ල දැම්මා ආපහු ඔයාව ගෙන්නන්න දෙයක් නෑනේ ඔයා නෙවෙයිනේ හොරා. ඔයා නෙවෙයිනේ පගාගත්තේ.

රන්ජන්-ඔයා ෆෝන් එක උස්සන්න මං මෙයා කතා කරලා ඔයාට ගන්නම්.

දිල්රුක්ෂි-හරි හොඳයි

රන්ජන්-ඕකේ. ඕකේ.”