ගඩොල් කපා සරසවි වරම් දිනූ මුස්ලිම් දියණියට , ඉගෙන ගෙන නිමවන තුරුම සියලූම වියදම් පන්සලෙන් ලබා දෙයි

ගඩොල් කපා දියණියට උගන්වන පියෙකු පිලිබඳව අප පසුගියදා කරුණු අනාවරණය කලා.

මෙම මුස්ලිම් ජාතික ෆාතිමා මුසාදිකා දියණිය මෙවර උසස් පෙළ විභාගයේදී ජීව විද්‍යා අංශයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කල අතර ඇය ඉහළින්ම විභාගය සමත් වූයේ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත් වෙමින්.

හෙට ලොව ජයගන්නට වෙර දරනා ඇය, තවමත් ජීවත් වන්නේ පොලිතීන් වලින් ආවරණය වූ නිවසකයි.

මෙම කරුණු සැල වූ පසුව ඇයට උපකාර කිරීමට මූතුර් රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය දෙවිනුවර ඉන්ද්‍ර ස්වාමීන් වහන්සේ මූලිකත්වය ගෙන තිබෙන අතර ඇය සරසවි අධ්‍යාපනය ලබා නිම වන තුරුම ඇගේ වියදම් වෙනුවෙන් මාසික දීමනාවක් ලබා දීමට උන්වහන්සේ කටයුතු කරනු ඇති.

ජන්දය වෙනුවෙන් පමණක් ආගම ජාතිය විකුණාගෙන කන ඇතැම් මුස්ලිම් දේශපාලකයින්ට ද මෙය කදිම පාඩමක් වනු ඇති අතර සැබෑ ආගමික සහජීවනය ද මෙයයි.