දේශපාලකයින් ෆේස්බුක් හරහා “බොරු පැතිරවීමට”එරෙහිව සකර්බර්ග් ඉදිරියට

සිය වෙබ් අඩවිය යොදාගෙන අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කිරීමට එරෙහිව යම් යම් ක්‍රියා මාර්ග ගැනීමට ෆේස්බුක් ආයතනය තීරණය කර තිබෙනවා.

පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණය පැවති සමයේද ෆේස්බුක් වෙබ් අඩවිය හරහා හුවමාරු වූ ඇතැම් පුවත්වල සත්‍ය අසත්‍ය භාවය කෙරෙහි ප්‍රශ්න පැන නැඟුන අතර මෙවැනි හේතු නිසාවෙන්ම ඇතැම් නීති වෙනස් කිරීමටද ෆේස්බුක් ආයතනය ක්‍රියා කල අතර මෙම තත්වය තව දුරටත් ඉදිරියට ගෙන යමින් , ඇතැම් දේශපාලකයින් විසින් සිදු කරනා අසත්‍ය ප්‍රචාරවලට වැට බැඳීමටයි තීරණය වී ඇත්තේ.