එකට බැඳුනු දෙබිඩි දරුවන් සාර්ථකව වෙන් කරයි

උපතේදීම සිරුරෙන් එකට බැඳුනු දෙබිඩි දරුවන් සාර්ථක සැත්කමකින් අනතුරුව වෙන් කිරීමට නයිජීරියාව සමත් වී තිබෙනවා.

78 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කාර්‍ය මණ්ඩලයක් විසින් මෙම සැත්කම සිදු කර ඇති අතර සති 6 කින් අනතුරුව මෙම දරුවන් දෙදෙනාට සම්පූර්ණයෙන්ම සුවය ලැබෙනු ඇති බවයි ඔවුන් විස්වාසය පල කර සිටින්නේ.

ලොව පුරා වසරකදී මෙවැනි දරු උපත් කිහිපයක්ම සිදු වන අතර මේ ආකාරයේ සැත්කම් බොහොමයක්ම අනතුරුදායක වනවා.