මගීන් 180ක් සමඟ ඉරානයේදී ගුවන් යානයක් කඩා වැටේ (BREAKING NEWS )

යුක්‍රේනයට අයත් ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

ඒ ඉරානයේදී.

බෝයින් 737 වර්ගයට අයත් මෙම ගුවන් යානයේ මගීන් 180 ක් දෙනෙකු සිටි අතර ඔවුන් සියලු දෙනාම ඉන් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවටයි වාර්තා වන්නේ.

යානය ගුවන් තොටුපොලෙන් ඉහළට නංවා ටික වෙලාවකින් එය කඩා වැටී ඇති අතර යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.