රන්ජන් සමඟ එකතු වී මහින්දානන්දව ඝාතනය කිරීමට තැත් කල චෝදනාව රනිල් ප්‍රතික්ෂේප කරයි

රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඝාතනය කිරීමට තමන් කුමන්ත්‍රණය කළ බවට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක සමග එක්ව හිටපු අගමැතිවරයා තමන්ව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට එල්ලවූ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු අගමැතිවරයා කියා සිටියේ තමන් කුමන්ත්‍රණවලට සම්බන්ධ අයෙක් නොවන බවයි.

“මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින දුරකථන සංවාද එක්සත් ජාතීන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ නිල නිවසේ තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සීඩී තැටිවලින් පැමිණි ඒවා බව පෙනේ. නමුත් මෙම පටිගත කිරීම් දැන් සමාජ මාධ්‍යවල සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී. ඒවා පොදු දේපළට අයත්.

කිසියම් මන්ත්‍රීවරයකු වැරදි ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇත්දැයි බැලීමට සංයුක්ත තැටිවල පිටපත් පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස පොලිසියට නියෝග කරන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලා සිටියි හිටපු අගමැතිවරයා, කිසියම් මන්ත්‍රිවරයෙක් නිතිය උල්ලංඝණය කර ඇත්නම් එය පාර්ලිමේන්තුව දැනුවත් විය යුතු බව” ප්‍රකාශ කර සිටියා.