කාටත් වඩා රන්ජන්ව විශ්වාස කල CID අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසම විසින් ලබා දුන් නියෝගයක් අනුවයි.

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග සිදුකර තිබෙන දුරකථන සංවාදයන් සම්බන්ධයෙන් මෙලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වැඩ තහනම් සිදුකරන ලෙසයි ජාතික පොලිස් කොමිසම නියෝග කර ඇත්තේ.

මේ වන විට ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස ස්ථාන මාරුවීම් ලැබ ගොස් සිටි ඔහුව පොලිස් මුලස්ථානය වෙත යළි ස්ථාන මාරුවීම් කොට වැඩතහනමට ලක් කිරීමටයි ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ.

ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සිදුකර ඇති දුරකථන සංවාද හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට අපකීර්තියක් අත්වි ඇති බවත් මේ වන විට ජාතික පොලිස් කොමිසමට ඒ සම්බන්ධයෙන් පැමිණිලි තුනක් ලැබී ඇති බව සඳහන්.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකර සති 2 ක් ඇතුලත වාර්තාවක් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න වෙත පොලිස් කොමිසම දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කලේ.

පසුගිය රජය සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශන වලදී ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පක්ෂග්‍රාහිව කටයුතු සිදුකළ බවට චෝදනා එල්ලවුවා.