ප්‍රමාද වී ජනපති අපේක්ෂකත්වය ලැබීමේ ඵල විපාක අද එජාපය භුක්ති විඳිනවා

ජනාධිපතිවරණයේදී ප්‍රමාද වී අපේක්ෂකත්වය ලබා දීමේ ඵල විපාක එජාපය දැන් භුක්ති විඳිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු පවසන්නේ තමන්ට ජනපති අපේක්ෂත්වය ලැබුනේ ප්‍රතිවාදී අපේක්ෂකයා වට හතරක් පමණ රට වටේ ගිය පසුව බවයි ඔහු කියා සිටින්නේ.

මෙවර මහ මැතිවරණයේදී හෝ අන්තිම මොහොත වන තුරු නොසිට තමන්ට නායකත්වය ලබා දෙන්නේ නම් රට වටේ ගොස් එජාපය ජයග්‍රහණය කිරිමට කටයුතු කරන බව ඔහු පවසනවා.

එමෙන්ම නායකත්වයට කවරෙකු පත් වුවද ඔහුට අවහිර කිරීමට තමන් කටයුතු නොකරන බවත්,විපක්ෂ නායක අසුන රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නේ ඔහුගේ ජේෂ්ඨත්වයට ගරු කිරීමක් වශයෙන් බවත් ඔහු කියා සිටිනවා.