වැහි බින්ඳුවක්වත් වැටෙන්නට නොදී ශ්‍රී ලංකාව පිටිය රැකගනිද්දී, ඉන්දියාව “හෙයාර් ඩ්‍රයර් “එකකින් පිටිය වේලයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත ප්‍රථම පන්දුවාර 20-20 තරඟයට වර්ෂාවෙන් බාධා ඇතිවී තිබෙනවා.

කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කලද පිටියේ තෙත බරිත තත්වය නිසා තරඟය ආරම්භ කිරීමට හැකිවුනේ නැහැ.

කෙසේ වෙතත් ඉන්දියාව සිය තණ තීරු වියළි ගැනීමට භාවිතා කරන ක්‍රමයන් පිලිබඳව මේ වන විට ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා.

හිසකෙස් වියළා ගැනීමට යොදා ගන්නා “හෙයාර් ඩ්‍රයර් “එකක් මේ සඳහා ඔවුන් යොදා ගන්නා අතර ලොව පුරා ක්‍රිකට් ලෝලීන් මේ පිලිබඳව කතා බහ කලේ හාස්‍යයෙන් යුක්තවයි.

ස්ට්‍ර්රීම් අයන් එකක් සහ වැකියුම් ක්ලීනරයක්ද ඔවුන් මේ
සඳහා යොදාගෙන තිබුනා.


කොපමණ අධික වර්ෂාවකින් වුවත් පිටිය මැද තණ තීරුව ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකාව සුවිශේෂී ක්‍රම අනුගමනය කරන අතර ඒ පිලිබඳව ජාත්‍යන්තරයේදී ඇගයීමට පවා ලක්ව තිබෙනවා.

පාකිස්තානයද අන්තර්ජාලය වෙත පහත ජායාරූපය එකතු කර තිබුනේ ඔවුන්ද ඉන්දියාවට වඩා ඉහළ තාක්ෂණයක් මේ සඳහා යොදා ගන්නා බව පවසමින්.