වයස අවුරුදු 10 යි.ඔසවාගෙන යා යුතු පාසල් බෑගයේ බර කිලෝ 8 යි.කවුරුත් නොදකින අපේ දරුවන් විඳින දුක මෙන්න

ශ්‍රී ලංකාවේ දරුවන් පාසල් ගෙනියන බෑගයේ බර පිලිබඳව කාලයක සිටම විවිධ අදහස් පල වෙනවා.

හිටපු අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතාගේ කාලයේදී ටැබ් පරිඝනක හඳුන්වාදුන් අතර බොහෝ දෙනෙකු පැවසුවේ එම සංකල්පය වැඩි දියුණු කිරීමද මෙම ප්‍රශ්නයට යම් පිළියමක් බවයි.

අද මවුරට වෙබ් අඩවියෙන් අප හෙළිදරව් කරන මෙම කාරණය ශ්‍රී ලංකාවේ අනගාත තරුණ පරපුරේ කායික සහ මානසික සෞඛ්‍ය ටද බලපෑමක් එල්ල කරනු ලබන්නක්.

සාමාන්‍යයෙන් පහ වසරින් ඉහල පන්තිවල දරුවන්ට වැඩි විෂය නිර්දේශයක් ලැබෙන අතර ඒ හා සමානවම ඔවුන්ට රජයෙන් ලබා දෙන පෙල පොත් ප්‍රමාණය සහ ඔවුන් විසින් ගෙන යා යුතු අභ්‍යාස පොත් ප්‍රමාණයද වැඩි වනවා.

6 වසරේ දරුවෙකු පාසල් ගෙන යන පොත් බෑගයේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 7.7 ක් පමණ වන අතර බොහෝ දුරට එය කිලෝ 8 කට ආසන්නයි.

සාමන්‍යයෙන් මෙම බර උදේ හවස යම් සැලකිය යුතු දුරක් ඔසවාගෙන යා යුතු අතර වයස අවුරුදු 10-14 වැනි වයස්වල සිටිනා දරුවන්ගේ කොන්දට ද මෙය බලපෑමක් ඇති කරන බව රහසක් නොවේ.

වසරකදී දින 180 ක පමණ ප්‍රමාණයක් මෙම බර ඔසවාගෙන යා යුතු අතර කුඩය,වතුර බෝතලය,කෑම පෙට්ටිය ආදියද එකතු වූ විට බෑගයේ බර තවත් වැඩි විය හැකියි.

නව අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් පත් වූ ඩලස් අලහප්පෙරුම මහතා සාමාන්‍යයෙන් ජනතාව සමඟ හිඳ වැඩ කටයුතු කරන්නෙකු බවට දේශපාලනයේ ප්‍රකට කරුණක්.

මෙම සංවේදී කරුණ කෙරෙහිද එතුමාගේ අවධානය යොමුවනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.