රන්ජන් රාමනායගේ නිවස පොලීසිය විසින් හදිසියේම සෝදිසි කරයි (LIVE VIDEO )

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමණායකගේ නිවස මේ වන විට පොලිසිය විසින් හදිසි පරික්ෂාවකට ලක් කරමින් සිටිනවා. පොලිසිය විසින් මෙලෙස පරික්ෂාවට ලක් කරන්නේ මන්ත්‍රිවරයා ජිවත් වන මාදිවෙල පිහිටි මන්ත්‍රි නිල නිවාසයේයි.

බස්නාහිර දකුණ පළාත් අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ලබා ගත් අධිකරණ නියෝගයක් මත මෙම විමර්ශනය සිදුකරන බවයි වාර්තා වන්නේ.

තම නිවස පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කරන අයුරු රන්ජන් රාමණායක මන්ත්‍රිවරයා විසින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

Link -https://m.facebook.com/story.php?story_fbid=616095919155116&id=446399815376

Security Check

null