මින් පසුව සුලු පක්ෂවලට රජුන් තනන්නට කිසිම ඉඩක් නැහැ . රට වෙනුවෙන් කලකට පසුව නායකයෙකුගෙන් අභීත ප්‍රකාශයක්.

සුලු පක්ෂ විසින් මෙතෙක් කල් සිදුකල රජුන් තනන්නන්ගේ භූමිකාව ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

අද උදෑසන රාජාසන කතාව සිදු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කලා.

එතුමන් විසින් සිදු කල සම්පූර්ණ කතාවේ සාරංශය පහතින්.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස මා හට ඔබතුමාට අමතන්න ලබන්නේ පසුගිය නොවැම්බර් මාසයේදී මේ රටේ බහුතර ජනතාව මා වෙනුවෙන් දැක්වූ විශ්වාසය නිසයි.

මෙහි අසුන්ගෙන සිටින ඔබ කුමන පක්ෂයකට අයත් වුවත් අපි සැම දෙනාගේ වගකීම රටේ ජනතාවගේ සුභ සිද්ධියයි. මා වසර 20 ක් යුධ හමුදාවේ සේවයේ යෙදී සිටියා. මා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී නැහැ. 

මා කුරහන් පැහැ ඇති සාටකය පැළදුවේ නැති උනත් මා නියෝජනය කරන්නේ ඒ පිඩිත ජනතාවයි. මා මේ මොහොතේදී සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. මහජනතාවට පොරොන්දු වූ ආකාරයෙන්ම ඔවුන්ගේ සෞභාග්‍ය උදෙසා මා සහ මාගේ රජය කැපවෙනවා. 

ඒ වගේම රජුන් තනන භූමිකාවට ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ජාතින් අතර භේද වපුරනවා වෙනුවට ජනතාව එකතු කරගෙන ඉදිරියට යන්න අපි සියලු දෙනා කැපවෙන්න ඕන.

මගේ පාලන සමයේදී රටේ ආරක්ෂාව වෙනුවෙන් හා බුද්ධාගම ආරක්ෂා කරන්න කැපවෙනවා. ඒ වගේම රටේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් අදහන්න හැකි.

මා කුඩා කාලයේදී මාගේ පියා පාර්ලිමේන්තුව නියෝජනය කරන විට මෙහි ගැලරියට වී බලා සිට තිබෙනවා. එදා පාර්ලිමේන්තුවේ පැවති හරවත් කතාවන් අද නැහැ. නැවත මේ පාර්ලිමේන්තුව මහජනතාවගේ ගැටළු ගැන කතා කරන තැනක් බවට පත් කරන්න අප කටයුතු කළ යුතුයි. පාර්ලිමේන්තුව ජනතාවගේ ගෞරවය දිනා ගත් ස්ථානයක් බවට පත් කිරීමේ වගකීම මෙහි සිටින මන්ත්‍රිවරුන්ගේ වගකීමයි.

අපේ ප්‍රතිපත්ති වලට අනුව ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබෙනවා. ඒ අනුව දක්ෂ නිලධාරීන්ට සුදුසු ස්ථාන ලබාදී තිබෙනවා. ඒ සඳහා බුද්ධි අංශ ශක්තිමත් කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අතර මනා සම්බන්ධයක් ඇති කර තිබෙනවා. පාතාල ක්‍රියාකාරීන්, මත්ද්‍රව්‍ය උවදුර, ස්ත්‍රී දුෂකයින් ගෙන් තොර රටක් බවට මෙය පත් කර යුතුයි.