පුතාගේ විවාහ මංගල්‍යයට යන්නවත් පූජිතට අවසර නැහැ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දරගේ පුතුගේ විවාහය ඊයේ (2 වැනිදා) පැවතියද එම උත්සවයට සහභාගිවීමට ඔහුට අවස්ථාවක් නොලැබුණු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති ජයසුන්දරගේ පුතුගේ විවාහ උත්සවය මීගමුවේදී ඊයේ (2 වැනිදා) පැවැත්වුණි.

සිය පුතුගේ විවාහ උත්සවයට යෑම සඳහා තමාට අවස්ථාව ලබාදෙන ලෙස පූජිත් ජයසුන්දර පසුගියදා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ පිළිබදව අධිකරණය දැනුම් දී සිටියේ අදාළ විවාහ උත්සවයට යාම සම්බන්ධව බන්ධනාගාරයත් සමග විසඳා ගන්නා ලෙසය.

මේ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන්ගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින අයකුගේ අයිතිය පැවරී ඇත්තේ අධිකරණයට බවය.