දුම්රියේ සිඟමන් යෙදුනු කාන්තාවගේ මල්ලේ ලක්ෂ දෙකක් ! 5000 නෝට්ටුම 35 ක්.

දුම්රියක සිඟමන් යදිමින් සිටියදී දුම්රිය ආරක්ෂක අංශය මගින් අල්ලා ගත් කාන්තාවක් සතුව තිබී රුපියල් දෙලක්ෂ දාසයදහසක මුදලක් සොයාගත් බව දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න පැවසීය.

දුම්රියේ සිඟමන් යදින පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා දුම්රිය ආරක්ෂක අංශය විසින් රාගම දුම්රිය ස්ථානයේ ඊයේ (02 වැනිදා) සිදුකළ මෙහෙයුමකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

ආරක්ෂක අංශ නිලධාරීන්ට එම කාන්තාව පිළිබඳව සැක සිතී ඇය ළඟ තිබූ සහල් රහිත උරය පරීක්ෂා කිරීමේදී ඇඳුම් අතර තිබී මෙම මුදල සොයාගෙන තිබේ. රුපියල් පන්දහසේ නෝට්ටු 35 ක්, රුපියල් දහසේ නෝට්ටු 38 ක්, රුපියල් පනහේ නෝට්ටුවක්, රුපියල් විස්සේ නෝට්ටු 60 කට වැඩි සංඛ්‍යාවක් ඇය ළඟ තිබියදී සොයාගෙන ඇත.

මෙම කාන්තාවගෙන් මුදල් සම්බන්ධව දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විමසීමේදී ඇය පවසා ඇත්තේ, දිනපතා සිඟමන් යැද එකතු කර ගන්නා මුදල් බැංකුවෙන් මාරුකරගන්නා බවත්, වසරක පමණ කාලයක් තිස්සේ එකතු කරගත් මුදල් මෙලෙස සිය බෑගයේ තබාගෙන සිටි බවත්ය. වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා එම කාන්තාව රාගම පොලිසියට බාර දී ඇත.

-Aruna-